YouVersion Logo
Search Icon

හිතෝපදේශ 22

22
1බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.
2පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති;
ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේය.
3නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි;
එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
4යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.
5කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත;
තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි.
6දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
7වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.
8අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය;
ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය.
9කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ;
මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.
10නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ;
එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.
11සිතේ පිරිසිදුකමට ඇලුම්වෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය.
12 ස්වාමීන්වහන්සේගේ ඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුමුත් ද්‍රෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.
13අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත.
වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.
14අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය;
එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.
15මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ;
දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.
16තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි.
ධර්මිෂ්ඨකම හා බුද්ධිය ගැන උපදේශ
(24:34 දක්වා)
17නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න.
18මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
19නුඹේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.
20නුඹ එවූවන් වෙතට නුඹ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම නුඹට දන්වන්ට,
21මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද?
22දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.
23මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.
24තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න;
කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.
25එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.
26නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.
27ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?
28නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.
29තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද?
ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy