හිතෝපදේශ 2:1-8
හිතෝපදේශ 2:1-8 SROV
මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක. එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.





