YouVersion Logo
Search Icon

හිතෝපදේශ 16

16
1සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය.
එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
2මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ;
එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.
3නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න;
එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.
4 ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.
5උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
# 16:5 නොහොත්, ඒකාන්තයෙන්ම. ‍ අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය.
6කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ;
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
7මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
8අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.
9මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි;
එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.
10රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත;
විනිශ්චයේදී ඔහුගේ මුඛය වරද නොකරන්නේය.
11යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය;
මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.
12දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය;
මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.
13ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති;
යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.
14රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය;
එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.
15රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත;
ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි.
16ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද!
එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.
17අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය;
තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.
18විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
19උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය.
20දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය;
ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
21සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය;
තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.
22නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය;
එහෙත් අඥානයන්ගේ ගුරුකම මෝඩකමය.
23ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.
24ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.
25මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.
26වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි;
මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.
27දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි;
ඔහුගේ තොල්වල ඇවිළෙන ගිනිවැන්නක් තිබේ.
28ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය;
කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
29බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.
30ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.
31පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;
32බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.
33පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ;
එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy