YouVersion Logo
Search Icon

ගණන් කථාව 7:1-41

ගණන් කථාව 7:1-41 SROV

තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී, තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය. මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කිරීම පිණිස ඒවා ඔවුන්ගෙන් පිළිගෙන ලෙවීවරුන්ට එකිනෙකාගේ සේවයේ ප්‍රකාරයට දෙන්නැයි කීසේක. එවිට මෝසෙස් ගැල් හා ගවයන් ගෙන ලෙවීවරුන්ට දුන්නේය. ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය. පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය. එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය. පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක. පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ, ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගොන් දෙන්නෙක්ද බැටළුවන් පස් දෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් පස් දෙනෙක්ද යන මේය. අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ගේ පඬුර මේය. දෙවෙනි දවසේදී ශූවර්ගේ පුත්‍රවූ ඉස්සාඛර්වරුන්ගේ අධිපතියාවූ නෙතනේල් ඔප්පුකෙළේය. ඔහු ඔප්පුකළේ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු එක බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ගේ පඬුර මේය. තුන්වෙනි දවසේදී හේලොන්ගේ පුත්‍රවූ සාබුලොන්වරුන්ගේ අධිපතියාවූ එලියාබ්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ගේ පඬුර මේය. සතරවෙනි දවසේදී ෂෙදෙවුර්ගේ පුත්‍රවූ රූබෙන් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිශූර්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ගේ පඬුර මේය. පස්වෙනි දවසේදී ශූරිෂද්දයිගේ පුත්‍රවූ සිමියොන් පුත්‍රයන්ගේ අධිපතියාවූ ෂෙලුමියෙල්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුම්යෙල්ගේ පඬුර මේය.

Video for ගණන් කථාව 7:1-41