YouVersion Logo
Search Icon

ගණන් කථාව 6:22-27

ගණන් කථාව 6:22-27 SROV

තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින්–නුඹලා මේ ආකාරයෙන් කියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා. මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 6:22-27