YouVersion Logo
Search Icon

ගණන් කථාව 27:1-8

ගණන් කථාව 27:1-8 SROV

එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය. ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට: අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය. අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය. මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න. නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර: මනුෂ්‍යයෙක් පුත්‍රයෙකු නොලැබ නැසුණොත් ඔහුගේ උරුමය ඔහුගේ දුවට හිමිවෙන්ට සලසන්න.

Video for ගණන් කථාව 27:1-8

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 27:1-8