YouVersion Logo
Search Icon

ගණන් කථාව 16:24-33

ගණන් කථාව 16:24-33 SROV

කෝරා හා දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව යන්න කියා සභාවට කියන්නැයි කීසේක. එවිට මෝසෙස් නැගිට දාතාන් හා අබීරාම් ළඟට ගියේය; ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු පස්සේ ගියෝය. එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය. එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය. මෝසෙස්ද: මේ සියලු ක්‍රියා කරන පිණිස ස්වාමීන්වහන්සේ මා එවු බව මෙයින් නුඹලා දැනගන්නහුය; මක්නිසාද ඒවා මාගේම කල්පනාවෙන් නොකෙළෙමි. සියලු මිනිසුන්ට පොදුවූ මරණයකින් මේ මනුෂ්‍යයන් මැරුණොත් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධවන දේ මොවුන්ට සිද්ධවුණොත් ස්වාමීන්වහන්සේ මා නොඑවුසේක. නුමුත් ස්වාමීන්වහන්සේ අමුතු දෙයක් කළොත්, භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගත්තොත්, ඔවුන් පණපිටින් පාතාලයට ගියොත්, මේ මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක බව නුඹලා දැනගන්නවා ඇතැයි කීවේය. තවද ඔහු මේ සියලු වචන කියා නිමවූ විට ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළුණාය. පොළොව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සියලු සම්පත්ද ගිලගත්තාය. මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය.

Video for ගණන් කථාව 16:24-33

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 16:24-33