YouVersion Logo
Search Icon

ගණන් කථාව 16:1-7

ගණන් කථාව 16:1-7 SROV

ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට, මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේ ද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය. මෝසෙස් ඒ අසා මුහුණින් වැටුණේය. ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත. මේක කරන්න; කෝරා සහ ඔහුගේ සමාගමේ සියල්ලෙනි, හෙට ධූප භාජන ගෙන, ඒවායේ ගින්දර බහා, ස්වාමීන්වහන්සේ ඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමීන්වහන්සේ විසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය.

Video for ගණන් කථාව 16:1-7

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 16:1-7