YouVersion Logo
Search Icon

ගණන් කථාව 12:1-6

ගණන් කථාව 12:1-6 SROV

මෝසෙස් පාවාගත් කුෂ් ස්ත්‍රිය නිසා මිරියාම් සහ ආරොන් ඔහුට විරුද්ධව කථාකළෝය. මක්නිසාද ඔහු කුෂ් ස්ත්‍රියෙක් සරණපාවාගෙන සිටියේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කථාකෙරෙවුවේ මෝසෙස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කථානොකෙරෙවුසේක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේ ඒක ඇසූසේක. මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය. ස්වාමීන්වහන්සේ එකෙණෙහිම මෝසෙස් හා ආරොන්ටත් මිරියාම්ටත් කථාකොට: නුඹලා තුන්දෙනා සම්මුඛවීමේ කූඩාරම ළඟට පිටතට එන්නැයි කීසේක. ඔවුන් තුන්දෙනා පිටතට ආවෝය. ස්වාමීන්වහන්සේ වලාටැඹකින් ඇවිත් කූඩාරමේ දොරකඩ සිට ආරොන්ට සහ මිරියාම්ට අඬගැසූ සේක. ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 12:1-6