ගණන් කථාව 10
10
රිදී හොරණෑ
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න. 3ඒවා පිඹින කල මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නුඹ වෙතට රැස්වෙත්වා. 4එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා. 5නුඹලා මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. 6දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය. 7නුමුත් සභාව රැස්කරවන්ට ඕනෑවූ විට මහත් ශබ්දයක් නොකොට පිඹින්න. 8පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය. 9නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය. 10නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
සීනයි කන්දෙන් පිටත්වයාම
හොබාබ් කැඳවනු ලැබීම
11දෙවෙනි වර්ෂයෙහි දෙවෙනි මස විසිවෙනි දින වලාකුළ සාක්ෂි මණ්ඩපය කෙරෙන් ඔසවාගන්නා ලද්දේය. 12එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය. 13එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය. 14පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. 15ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය. 16සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය. 17මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය. 18රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. 19සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශුරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය. 20ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. 21එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය. 22එප්‍රායිම් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාය. 23මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. 24බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. 25සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය. 26ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ය. 27නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය. 28තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.
29මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය. 30ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය. 31මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත. 32ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.
33ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය. 34ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය.
35තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්ස, නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය. 36ගිවිසුම් පෙට්ටිය නැවතුණු කල ඔහු: ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන්වලින් දස දහස් දෙනා වෙතට හැරී අව මැනවයි කීවේය.
Currently Selected:
ගණන් කථාව 10: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: