YouVersion Logo
Search Icon

නාහූම් 3:1-3

නාහූම් 3:1-3 SROV

ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මුළුල්ලම වංචාවෙන්ද බලාත්කාරයෙන්ද පිරී තිබේ; කොල්ලකෑම නොනවතියි. කස ශබ්දයත් චක්‍ර කරකැවෙන ශබ්දයත් ඇත්තේය; අශ්වයෝ වේගයෙන් දුවති, රථද පැනයති; අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.

Related Videos

Free Reading Plans and Devotionals related to නාහූම් 3:1-3