ශු. මතෙව් 8:14-17
ශු. මතෙව් 8:14-17 SROV
යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක. මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.





