ශු. මතෙව් 5:1-5
ශු. මතෙව් 5:1-5 SROV
උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක– සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.





