ශු. මතෙව් 28:6-10
ශු. මතෙව් 28:6-10 SROV
උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක. එන්න, ස්වාමීන්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මනින් ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක; එහිදී නුඹලා උන්වහන්සේ දකින්නහුය. බලන්න, නුඹලාට කීයෙමියි කීවේය. එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය. එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය. එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.










![[Uniqueness of Christ] Jesus' Unique Role ශු. මතෙව් 28:6-10 Sinhala Revised Old Version](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34539%2F1440x810.jpg&w=3840&q=75)

