YouVersion Logo
Search Icon

ශු. මතෙව් 24:45-51

ශු. මතෙව් 24:45-51 SROV

ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය. සැබවක් නුඹලාට කියමි–ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය. නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන, තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්, ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින දවසක නොදන්නා පැයක ඇවිත්, ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.