Bible App logo
Search Icon

ශු. මතෙව් 15:21-28

ශු. මතෙව් 15:21-28 SROV

යේසුස්වහන්සේ එයින් පිටත්ව තීර් හා සීදොන්හි පළාත්වලට ගියසේක. බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය. නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක. නුමුත් ඈ ඇවිත් උන්වහන්සේට නමස්කාරකොට: ස්වාමිනි, මට පිහිටවුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තරදෙමින්: දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි කීසේක. නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය. එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 15:21-28