YouVersion Logo
Search Icon

ශු. මතෙව් 15:10-14

ශු. මතෙව් 15:10-14 SROV

එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න. කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක. එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය. ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.