ශු. ලූක් 7:12-14
ශු. ලූක් 7:12-14 SROV
උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය. ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක. උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.





