YouVersion Logo
Search Icon

ශු. ලූක් 4:3-6

ශු. ලූක් 4:3-6 SROV

එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩමකට ගෙනගොස්, ක්ෂණයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා, උන්වහන්සේට කථාකොට: මේ මුළු බලයද එහි ඓශ්චර්යයද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි.

Free Reading Plans and Devotionals related to ශු. ලූක් 4:3-6