YouVersion Logo
Search Icon

ශු. ලූක් 12:8-12

ශු. ලූක් 12:8-12 SROV

තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේ ද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියේදී මා එපාකළ තැනැත්තේ දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී එපාකරනු ලබන්නේයයි නුඹලාට කියමි. මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන කවරෙකුට නුමුත් කමාව ලැබෙන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාසකරන්නාට කමාව නොලැබෙන්නේය. ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.

Free Reading Plans and Devotionals related to ශු. ලූක් 12:8-12