YouVersion Logo
Search Icon

විලාප ගී 3:1-20

විලාප ගී 3:1-20 SROV

උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය. උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක. සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක. උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක. උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනගා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක. පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක. පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක. එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක. උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක. උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය. උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාළුකළසේක. උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක. උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි. උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක. උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක. ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය. මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි. කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව. මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.

Video for විලාප ගී 3:1-20

Free Reading Plans and Devotionals related to විලාප ගී 3:1-20