YouVersion Logo
Search Icon

යූදස් (යූද්) 1:3-16

යූදස් (යූද්) 1:3-16 SROV

ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය. මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති. ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි. තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක. එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දාකරති. නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය. නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර, කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ–කථාවේදී විනාශවූවෝය. මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය. ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ. ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කීවේය මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.

Free Reading Plans and Devotionals related to යූදස් (යූද්) 1:3-16