YouVersion Logo
Search Icon

යෝෂුවා 7:16-23

යෝෂුවා 7:16-23 SROV

යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය. ඔහු යූදාගේ ගෝත්‍රය ළංකෙරෙවුවිට ශෙරහිවරුන්ගේ පවුල අසු විය. ශෙරහිවරුන්ගේ පවුල එක එක පෙළපත වශයෙන් ළංකෙරෙවු විට ශබ්දීගේ පෙළපත අසුවිය. ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය. යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය. ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි: කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය. යෝෂුවා පණිවිඩකාරයන් හැරියේය, ඔව්හු කූඩාරමට දිවගියෝය; බලව, එයත් එය යට රිදීත් ඔහුගේ කූඩාරමෙහි සඟවා තිබෙනවා සම්බවුණේය. ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 7:16-23