යෝෂුවා 23:14-16
යෝෂුවා 23:14-16 SROV
බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය. තවද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ නුඹලා කෙරෙහි පැමුණුණාක් මෙන්ම, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ තමන්ගේ ගිවිසුම නුඹලා කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.

