YouVersion Logo
Search Icon

ජෝබ් 8

8
බිල්දද්ගේ පළමුවෙනි කථාව
1එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?
3දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද?
නොහොත් සර්වපරාක්‍රමයාණෝ යුක්තිය පෙරළනසේක්ද?
4නුඹේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්,
5නුඹ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්‍රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්,
6නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
7නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.
8එසේය, ප්‍රථම පරම්පරාවෙන් අසන්න, ඔවුන්ගේ පියවරුන් විභාගකළ දේට සිත යොමුකරන්න.
9(මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.)
10ඔව්හු නුඹට උගන්වා නුඹට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?
11මඩ නැති තැන පන් වැවේද?
වතුර නැතුව මහ පන් වැඩේද?
12ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය.
13දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය;
අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය.
14ඔහුගේ විශ්වාසය සිඳී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.
15ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි;
ඔහු එය තදින් ඇල්ලුවාම ඒක නොපවතියි.
16ඔහු සූර්යයා ඉදිරියෙහි සශ්‍රීකවී, ඔහුගේ රිකිළි ඔහුගේ වත්තේ සෑම තැනම විහිදී යන්නේය.
17ඔහුගේ මුල් ගල් ගොඩ උඩ එතෙන්නේය.
ඔහු ගල් ඉඩමට පැමිණෙන්නේය.
18ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම:
මම නුඹ නුදුටිමියි කියා, ඒක ඔහු එපාකරන්නේය.
19ඔහුගේ මාර්ගයේ ප්‍රීතිය නම් මේය, ඒ බිමෙන් වෙන අය නැගී එන්නෝය.
20දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.
21උන්වහන්සේ නුඹේ මුඛය සිනාවෙනුත් නුඹේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
22නුඹට වෛරවෙන්නෝ ලජ්ජාවෙන් අඳවනු ලබන්නෝය;
දුෂ්ටයන්ගේ කූඩාරම නැතිවන්නේයයි කීවේය.

Currently Selected:

ජෝබ් 8: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in