ජෝබ් 24
24
1සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද?
උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?
2මායිම් පහකරන්නාවූ අය සිටිති;
ඔව්හු මෘග රැළවල් පැහැරගෙන ගොස් තණ කවති.
3ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.
4ඔව්හු දිළිඳුන් මාර්ගයෙන් හරවති.
පොළොවේ දුප්පත් සියල්ලෝ එක්ව සැඟවෙති.
5කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති;
මරුකතර ඔවුන්ගේ දරුවන්ට කෑම දෙයි.
6ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති;
දුෂ්ටයාගේ මිදිවත්තේ ඉතිරි ඵලද අවුලාගනිති.
7ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.
8ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.
9පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.
10එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;
11ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති;
මිදි යන්ත්‍ර පාගමින් පිපාසය විඳිති.
12ජනගහනවූ නුවර තුළ සිට මරණාසන්න වුවන් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති.
එහෙත් දෙවියන්වහන්සේ ඒ වරද නොසලකනසේක.
13මොව්හු ආලෝකයට විරුද්ධව කැරළි ගසන්නෝ වෙති;
මොව්හු ඒකේ මාර්ගයන් නොදනිති, ඒකේ මාවත්වල නොපවතී.
14මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය;
රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
15කාමමිථ්‍යාචාරිකයාගේ ඇසද ඇඳිරිවෙන තුරු බලා සිට:
කිසි ඇසකට මා නොපෙනෙන්නේය කියා ඔහු තමාගේ මුහුණේ වැස්මක් දමාගනී.
16ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති.
දවාලෙහි සැඟවී ඉඳිති;
ඔව්හු එළිය නොදනිති.
17මක්නිසාද පහන්වීම ඔවුන් සියල්ලන්ට මරණ සෙවණ වැනිය;
මක්නිසාද ඔව්හු මරණ සෙවණේ භයංකරකම් දනිති.
18ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය;
ඔවුන්ගේ කොටස පොළොවෙහි ශාපලත් එකක්ය.
මිදිවතු දෙසට ඔහු නොහැරෙයි.
19නියඟය හා ග්‍රීෂ්මය හිම වතුර සිඳදමන්නේ යම්සේද, ෂෙයෝල වනාහි පව්කළ අයට එසේම කරන්නේය.
20ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි;
ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය.
ඔහු තවත් සිහි නොවන්නේය.
අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.
21දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි;
වැන්දඹුවට යහපත කරන්නෙත් නැත.
22ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි.
ඔහු නැගිටින කල කිසිවෙකුට තමාගේ ජීවිතය ගැන විශ්වාසයක් නැත.
23දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති;
උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
24ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති;
එසේය, ඔව්හු පහත්කරනු ලැබ අන් සියල්ලන් මෙන් තුරන්ව යති, ගොයම් කරල් මෙන් කපනු ලබති.
25ඒ එසේ නොවේනම් මා බොරුකාරයෙක් බව ඔප්පුකොට මාගේ කථාව නිෂ්ප්‍රභාකරන්නේ කවුදැයි කීවේය.
Currently Selected:
ජෝබ් 24: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: