ශු. යොහන් 6:18-21
ශු. යොහන් 6:18-21 SROV
තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය. ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය. මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක. එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.





