ශු. යොහන් 13:2-5
ශු. යොහන් 13:2-5 SROV
යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්, රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන, රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක. ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.





