ජෙරෙමියා 7:22-23
ජෙරෙමියා 7:22-23 SROV
මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමඟ කථාකළෙත් ඔවුන්ට අණකළෙත් දවනපූජාද යාගද යන කාරණා ගැන නොවේය. නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.





