ජෙරෙමියා 11
11
කඩනලද ගිවිසුම ගැන පණිවිඩය
1 ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙත පැමිණි වචනය මේය. 2නුඹලා මේ ගිවිසුමේ වචන අසා යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කථාකරන්න: 3ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ ගිවිසුමේ වචනවලට කීකරු නොවන මනුෂ්‍යයාට ශාපවේවා. 4එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කථාකොට: අද තිබෙන ප්‍රකාරයට කිරිද මීපැණිද ගලායන්නාවූ දේශයක් නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා ඔවුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන පිණිස, නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණකරන්නාවූ සියල්ල ලෙස කරන්න; 5එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.
6 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ යූදා නුවරවලත් යෙරුසලමේ වීථිවලත් මේ සියලු වචන ප්‍රකාශකොට මෙසේ කියන්න: නුඹලා මේ ගිවිසුමේ වචන අසා ඒවා පවත්වන්න. 7මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි. 8නුමුත් ඔව්හු කීකරු නොවී, තමුන්ගේ කන් යොමු නොකර, තම තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝය. ඉන්නිසා කරන්ට මා අණකළ නුමුත් ඔවුන් නොකළාවූ මේ ගිවිසුමේ සියලු කාරණා ඔවුන් පිටට පැමිණෙවුවෙමියි කියන්නැයි කීසේක.
9 ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: යූදාහි මනුෂ්‍යයන් අතරෙත් යෙරුසලමේ වැසියන් අතරෙත් කුමන්ත්‍රණයක් සම්බවී තිබේ. 10ඔව්හු මාගේ වචන අසන්ට අකැමැතිවූ ඔවුන්ගේ පළමු පියවරුන්ගේ අපරාධවලට හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඒවා පස්සේ ගියෝය. ඉශ්රායෙල් වංශය සහ යූදා වංශයත් මා විසින් ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩකර තිබේ. 11එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි. 12එවිට යූදාහි නුවරවල්ද යෙරුසලමේ වැසියන්ද ගොස් ඔවුන් විසින් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පුකරන දෙවිවරුන්ට මොරගසනවා ඇත. නුමුත් ඔවුන්ගේ විපත්ති කාලයේදී ඒ දෙවිවරු කොහෙත්ම ඔවුන් ගළවන්නේ නැත. 13මක්නිසාද, යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ. 14ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.
15මාගේ ප්‍රේමවන්තී බොහෝ නපුරු දේ කරමින් සිටියදී මාගේ ගෘහයෙහි ඈට ඇති කම මොකද? භාර සහ ශුද්ධවූ මාංසය නුඹෙන් නපුරුකම පහකරනවා ඇද්ද? නොහොත් නුඹ මේවා කරණකොටගෙන නිදහස්වෙනවා ඇද්ද? 16ශෝභමාන ඵල ඇති අලංකාර අමු ඔලීව ගහක්යයි ස්වාමීන්වහන්සේ නුඹට නම් තැබූසේක. දැන් මහත් කෝලාහල ඝෝෂාවක් ඇතුව උන්වහන්සේ ඊට ගිනිලා තිබේ, එහි අතුද කඩාවැටී තිබේ. 17නුඹව සිටෙවුවාවූ සේනාවල ස්වාමීන්වහන්සේ, ඉශ්රායෙල් වංශය සහ යූදා වංශයත් බාල්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් මා කෝපකරවන ලෙස සිද්ධකරගත්තාවූ නපුර නිසා නුඹට විපත්තිය නියමකර තිබේ.
18 ස්වාමීන්වහන්සේ ඒ ගැන මට දැන්වූසේක, එසේ මම දැනගතිමි. එකල ඔබ ඔවුන්ගේ ක්‍රියා මට පෙන්නූසේක. 19නුමුත් මම මරණයට ගෙනයන හීලෑ බැටළුපැටවෙකු මෙන් සිටියෙමි. අපි ගහද එහි ඵලද නාස්තිකොට, ඔහුගේ නම තවත් සිහි නොවෙන පිණිස, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමමුයයි කියා ඔවුන් මට විරුද්ධව උපායෙදූ බව නොදැන සිටියෙමි. 20එහෙත්, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන්නාවූ, හෘදයත් සිතත් විමසන්නාවූ සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ ඔවුන්ගෙන් පළිගන්නවා දකින්ට මට ලැබේවා; මක්නිසාද මම මාගේ කාරණය ඔබට ප්‍රකාශකෙළෙමි. 21එබැවින්: නුඹ අප අතින් මැරුම් නොකන පිණිස ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට අනාගතවාක්‍ය නොකියන්නැයි කියා නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නාවූ අනතෝත්හි මනුෂ්‍යයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: 22බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය; 23ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
Currently Selected:
ජෙරෙමියා 11: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: