විනිශ්චයකාරයන්ගේ පොත 19
19
ගිබියා වැසියන්ගේ දුෂ්ටකම
1තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය, 2ඔහුගේ උප භාර්යාව ඔහුට විරුද්ධව වේශ්‍යාකම්කොට ඔහු අත්හැර යුදයේ බෙත්-ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාරමාසයක් සිටියාය. 3එවිට ඇගේ පුරුෂයා කරුණාවෙන් කථාකොට නැවත ඈ ගෙනෙන පිණිස තමාගේ වැඩකාරයාද කොටළුවන් දෙන්නෙක්ද සමඟ ඈ කරා ගියේය. ඈ තමාගේ පියාගේ ගෙට ඔහු කැඳවා ගෙනාවාය. යෞවනියගේ පියා ඔහු දැක ඔහු සම්බවුණාට ප්‍රීතිවිය. 4ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහු නවත්වාගත්තේය; ඔහු තුන් දවසක් ඔහු සමඟ විසීය. එසේ ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝය. 5සතරවෙනිදා ඔවුන් අලුයම නැගුටුණ විට ඔහු යන්ට හැදුවේය. යෞවනියගේ පියාද: කෑම ටිකකින් නුඹේ සිත සනසාගන පසුව යන්ට පුළුවනැයි ඔහුගේ බෑනාට කීවේය. 6මෙසේ ඔවුන් දෙදෙනා හිඳගෙන එක්ව කෑවෝය, බීවෝය. තවද යෞවනියගේ පියා ඒ මනුෂ්‍යයාට කථාකොට: අනේ අද රාත්‍රියේ නවතින්ට සතුටු වෙන්න, නුඹේ සිත සන්තෝෂවේවයි ඒ මනුෂ්‍යයාට කීවේය. 7ඒ මනුෂ්‍යයා යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කළ නිසා ඔහු නැවත එහි සිටියේය. 8පස්වෙනිදා අලුයම ඔහු යන්ට නැගුටුණ විට යෞවනියගේ පියා ඔහුට කථාකොට: අනේ නුඹේ සිත සනසා ගන්න, සවස්වන තෙක් සිටින්නැයි කීවේය. ඔවුන් දෙදෙනද කෑම කෑවෝය. 9ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වේගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්ට ළඟය, රාත්‍රියේ මෙහි සිට නුඹේ සිත සන්තෝෂකරගන හෙට නුඹලාගේ ගමනට වේලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය. 10එහෙත් ඒ මනුෂ්‍යයා ඒ රාත්‍රියේ නවතින්ට නොකැමතිව නැගිට ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකුත් තමාගේ උපභාර්යාවත් රැගෙන ගොස් යෙබූස් (එනම් යෙරුසලම) ඉදිරිපිටට පැමුණුණේය. 11ඔවුන් යෙබූස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබූසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයයි තමාගේ ස්වාමියාට කීය. 12ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය. 13තවද ඔහු: ගිබියාහිවත් රාමාහිවත් නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවෙමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. 14මෙසේ ඔවුන් තව දුරටත් ගමන් කොට බෙන්යමින්ට අයිති ගිබියාට ළඟාවෙන විට ඉර බැස්සේය. 15ඔව්හු ගිබියාහි නවාතැන් ගන්න පිණිස ඇතුල්වෙන්ට එහි හැරී ගියෝය. ඔහු ඇතුල්වී නුවර වීථියේ හිඳගත්තේය. මක්නිසාද කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්තේය. 16නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම් කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය. 17මහලු මනුෂ්‍යයා තමාගේ ඇස් ඔසවා ඒ මගියා නුවර වීථියේ ඉඳිනු දැක: නුඹ කොතැනට යනවාද? කොතැන සිට එනවාදැයි ඇසීය. 18ඔහුද: අපි යුදයේ බෙත්-ලෙහෙමේ සිට කඳු රටේ එහා පැත්තට යමුව; මම එහි කෙනෙක්ය, යුදයේ බෙත්-ලෙහෙමට ගියෙමි. දැන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට යමි; එහෙත් තමාගේ ගෙදරට මා කැඳවාගන්න කෙනෙක් නැත. 19අපේ කොටළුවන්ට පිදුරුත් ගෝචරත් තිබේ; මට සහ නුඹේ වැඩකාරිටද නුඹේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටිත් මුද්‍රිකපානයත් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය. 20මහලු මනුෂ්‍යයාද: නුඹට සමාදානයවේවා; නුඹේ සියලු ඕනෑකම් මා පිට වේවා; වීථියේ නම් රෑ නොසිටින්නැයි ඔහුට කීවේය. 21එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටළුවන්ට ගෝචර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය. 22ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය. 23එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න. 24මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත් ඔහුගේ උපභාර්යාවත් සිටිති; මම දැන් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි, ඔවුන් වසඟකොට නුඹලාට හොඳව පෙනෙන දෙයක් ඔවුන්ට කරන්න. නුමුත් මේ මනුෂ්‍යයාට ඔය නින්දිතකම් නොකරන්නැයි ඔවුන්ට කීවේය. 25එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය. 26එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය. 27ඇගේ ස්වාමියා උදය නැගිට ගෙයි දොරවල් හැර තමාගේ ගමන යන්ට එළියට ගියේය. බලව, තමාගේ උපභාර්යාව වන ඒ ස්ත්‍රි ගෙයි දොරකඩ ළඟ වැටී උන්නාය, ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේය. 28ඔහු ඈට කථාකොට: නැගිටින්න, අපි යමුයයි කීය; නුමුත් උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන තමාගේ ස්ථානයට ගියේය. 29ඔහු තමාගේ ගෙදරට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපභාර්යාව අල්ලා, ඇගේ ඇටවල ප්‍රකාරයට ඈ කොට්ඨාස දොළහකට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. 30ඒ දුටු සියල්ලෝ: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආ දවස පටන් අද දක්වා මෙබඳු දෙයක් සිද්ධවුණේවත් දකින්ට යෙදුණේවත් නැත. මේ ගැන හිතට ගෙන මන්ත්‍රණයකොට කථාකරන්නැයි කීවෝය.
Currently Selected:
විනිශ්චයකාරයන්ගේ පොත 19: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: