යාකොබ් 2:20-26
යාකොබ් 2:20-26 SROV
නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද? ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ. මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය. මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය. එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද? මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.





