YouVersion Logo
Search Icon

උත්පත්ති 49:1-4

උත්පත්ති 49:1-4 SROV

එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න. යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; නුඹලාගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න. රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය. ජලය මෙන් අස්ථිරවූ නුඹට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද නුඹ නුඹේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල නුඹ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 49:1-4