එසකියෙල් 8:6-10
එසකියෙල් 8:6-10 SROV
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක. උන්වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනාසේක; මම බැලූ විට භිත්තියේ සිදුරක් තිබෙනවා දුටිමි. එකල උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය භිත්තිය හාරන්නැයි මට කීසේක. මම භිත්තිය හෑරූ කල දොරකඩක් දුටිමි. උන්වහන්සේද ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැයි මට කීසේක. මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.


