නික්මයාම 32
32
රන් වහු රූපය
1මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය. 2ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය. 3එවිට මුළු සෙනඟ තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා ආරොන් ළඟට ගෙනාවෝය. 4ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය. 5ආරොන් ඒ දැක ඒක ඉදිරියෙහි පූජාසනයක් ගොඩනගා: හෙට ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය කියා ප්‍රසිද්ධියක් කෙළේය. 6ඔව්හු පසුවදා වේලාසනින් නැගිට, දවන පූජා ඔප්පුකළෝය, ශාන්ති පූජාද ගෙනාවෝය; එවිට සෙනඟ කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැගුටුණෝය.
7 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන, 8මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක. 9තවද ස්වාමීන්වහන්සේ: මම මේ සෙනඟ විමසීමි, බලව, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය. 10එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක. 11මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද? 12උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව. 13ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය. 14ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.
15එවිට මෝසෙස් හැරී තමන් අතින් සාක්ෂියේ ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස්සේය; ඒ ලෑලිවල දෙපැත්තේ ලියා තිබුණේය; ඒවායේ එක පැත්තකද අනික් පැත්තේද ලියා තිබුණේය. 16ඒ ලෑලි දෙවියන්වහන්සේගේ කර්මාන්තයද ලෑලි පිට කොටනලද ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ලද විය. 17සෙනඟ ඝෝෂාකරන හඬ යෝෂුවාට ඇසී: කඳවුරෙහි යුද්ධ ඝෝෂාවක් තිබේයයි මෝසෙස්ට කීය. 18ඔහු: මට ඇසෙන්නේ ජය නිසා ඝෝෂාකරන්නන්ගේ ශබ්දයවත් පරාජය නිසා හඬනගන්නන්ගේ ශබ්දයවත් නොව ගීතිකාකරන්නන්ගේ හඬයයි කීය. 19තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය. 20ඔහු ඔවුන් විසින් සෑදූ වස්සා ගෙන ගින්නෙන් දවා දූවිලි වෙන තුරු කුඩුකර ඒවා වතුර පිට ඉස ඉශ්රායෙල් පුත්‍රයන්ට බොන්ට සැලැස්සුවේය. 21මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය. 22ආරොන්ද: මාගේ ස්වාමිහුගේ උදහස නොඇවිළේවා. සෙනඟ නපුරට සෑදී සිටින බව ඔබ දන්නෙහිය. 23කුමක් හෙයින්ද: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සාදන්න. මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වන මේ මෝසෙස්ට කුමක් සිදුවුණේදැයි නොදනිමුයයි ඔව්හු මට කීවෝය. 24මමද: රන් ඇති කවුරු නුමුත් එය ගළවා දෙත්වයි ඔවුන්ට කීවෙමි; ඔව්හු එය මට දුන්නෝය. මම එය ගින්නෙහි දැමුවෙමි, එවිට මේ වස්සා නික්ම ආයේයයි කීවේය. 25සෙනඟ තෘෂ්ණාවට හැරී සිටින බව මෝසෙස් දුටුවේය; මක්නිසාද ඔවුන්ගේ සතුරන් අතරේ ඔවුන් හෙළා දක්නා ලබන පිණිස ආරොන් ඔවුන්ගේ තෘෂ්ණාවට ඉඩ හැරියේය. 26එවිට මෝසෙස් කඳවුරේ දොරකඩ සිට: ස්වාමීන්වහන්සේගේ පක්ෂයට සිටින්නේ කවරෙක්ද, ඔහු මා වෙතට ඒවයි කීය. එවිට ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු ළඟට රැස්වූවෝය. 27ඔහුද: එක් එක්කෙනා තම තමාගේ කඩුව කළවයෙහි බැඳගෙන කඳවුර මුළුල්ලෙහි දොරටුවෙන් දොරටුවට ඔබ මොබ ගොස් එක් එක්කෙනා තම තමාගේ සහෝදරයාද එක් එක්කෙනා තම තමාගේ මිත්‍රයාද එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියාද මරන්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කීවේය. 28ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කළෝය. එසේ ඒ දවසේදී සෙනඟ අතරෙන් තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ වැටුණෝය. 29මෝසෙස්ද: මෙදින නුඹලා කෙරෙහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදයක් එවන පිණිස එක් එක්කෙනා තම තමාගේ පුත්‍රයාට විරුද්ධවද තම තමාගේ සහෝදරයාට විරුද්ධවද අද උන්වහන්සේට කැපවෙන්නැයි කීය, 30පසුවදා මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මහත් පාපයක් කළහුය, මම දැන් ස්වාමීන්වහන්සේ වෙතට නගින්නෙමි; සමහර විට නුඹලාගේ පාපය ගැන සමඟිකමක් කරන්ට මට පුළුවන් වන්නේයයි සෙනඟට කීවේය. 31මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදාගත්තෝය. 32එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය. 33එවිට ස්වාමීන්වහන්සේ: මට විරුද්ධව පව්කළ කවරෙකු නුමුත් මාගේ පොතෙන් මකා දමන්නෙමි. 34දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක. 35ආරොන් සෑදූ වස්සා සෙනඟ විසින් සාදවාගත් බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදුන්සේක.
Currently Selected:
නික්මයාම 32: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: