YouVersion Logo
Search Icon

නික්මයාම 32:1-5

නික්මයාම 32:1-5 SROV

මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය. ආරොන්ද: නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙන්නැයි කීය. එවිට මුළු සෙනඟ තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගළවා ආරොන් ළඟට ගෙනාවෝය. ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය. ආරොන් ඒ දැක ඒක ඉදිරියෙහි පූජාසනයක් ගොඩනගා: හෙට ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය කියා ප්‍රසිද්ධියක් කෙළේය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 32:1-5