නික්මයාම 3:2-4
නික්මයාම 3:2-4 SROV
ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලානොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය. ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.





