නික්මයාම 3:1-3
නික්මයාම 3:1-3 SROV
මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය. ස්වාමීන්වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනිජාලාවක සිට ඔහුට පෙනුණේය. ඔහු බලා සිටියේය, බලව, පඳුර ගිනි ඇවිළ තිබුණු නුමුත් දාලානොගියේය. එවිට මෝසෙස්: මම දැන් අහකට හැරී පඳුර දාලානොගියේ මක්නිසාද යන මේ මහත් දර්ශනය බලන්නෙමියි කීය.





