නික්මයාම 26
26
මණ්ඩපය
1තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න. 2එක එක තිරයේ දිග විසි අට රියනක්ද එක එක තිරයේ පළල සතර රියනක්ද විය යුතුය. සියලුම තිර එක ප්‍රමාණ විය යුතුය. 3තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය. 4සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සාදන්න; සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සාදන්න. 5එක තිරයක පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරිපිට සාදන්න. 6රන් කොකු පනසකුත් සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සන්ධිකරන්න. 7මණ්ඩපය මතුපිටින් කූඩාරමක් කොට එළු ලොමින් තිර සාදන්න. ඒ ආකාර තිර එකොළොසකුත් සාදන්න. 8එක එක තිරයේ දිග රියන් තිහක්ය, එක එක තිරයේ පළල රියන් සතරක්ය. තිර එකොළොසම එක මිම්මට තිබිය යුතුය. 9තිර පහක් වෙනමද තිර හයක් වෙනමද සන්ධිකර හවෙනි තිරය කූඩාරමේ ඉස්සරහ පැත්තෙහි දෙකට නමා තබන්න. 10සන්ධිකරන තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සන්ධිකරන අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සාදන්න. 11පිත්තල කොකු පනසක් සාදා කොකු පුඩුවල දමා එක කූඩාරමක් වන පිණිස සන්ධිකරන්න. 12කූඩාරමේ තිරවලින් වැඩිපුරව තිබෙන කෑල්ල වන ඉතිරි තිර භාගය මණ්ඩපය පිටිපස එල්ලී තිබේවා. 13කූඩාරමේ තිරවල දිගින් ඉතිරිවන සෙස්සෙන් එක පැත්තකින් රියනක්ද අනික් පැත්තෙන් රියනක්ද මණ්ඩපය වසන පිණිස ඒකේ පැතිවල මතුපිටින් ඒ පැත්තෙන්ද මේ පැත්තෙන්ද එල්ලී තිබේවා. 14රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න.
15මණ්ඩපයේ ලෑලි ෂිටිම් ලීවලින් සාදා කෙළින් සිටුවන්න. 16ලෑල්ලක දිග දස රියනක්ද එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ද විය යුතුය. 17එකිනෙකට සම්බන්ධවූ එක එක ලෑල්ලට කුඩුම්බි දෙකක් තිබිය යුතුය. මණ්ඩපයේ සියලු ලෑලිවලට එසේ සාදන්න. 18මණ්ඩපයේ දකුණු දිසාවෙහි දකුණු පැත්තට ලෑලි විස්සක් සාදන්න. 19එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න. 20උතුරු දෙසට තිබෙන මණ්ඩපයේ දෙවෙනි පැත්තටත් ලෑලි විස්සක්ද 21එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සාදන්න. 22අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න. 23මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න. 24යටින් ඒවා දෙගුණ කළ යුතුය, එලෙස ඒවා මුදුනේ පළමුවෙනි වළල්ල දක්වා ඒකාබද්ධ විය යුතුය. දෙකම එසේ විය යුතුය; ඒවා දෙකොනට වන්නේය. 25ලෑලි අටක්ද එක ලෑල්ලක් යට අඩි දෙකක් සහ තවත් ලෑල්ලක් යට අඩි දෙකක්ද බැගින් රිදීයෙන් අඩි සොළොසක් වන්නේය. 26ෂිටිම් ලීවලින් මණ්ඩපයේ එක් පැත්තක ලෑලිවලට පොලු පහක්ද 27මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසුපැත්තේ ලෑලිවලට පොලු පහක්ද සාදන්න. 28ලෑලි මධ්‍යයෙහි තිබෙන මැද පොල්ල එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබිය යුතුය. 29ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න. 30කන්දේදී නුඹට පෙන්වූ ප්‍රකාරය ලෙස මණ්ඩපය පිහිටුවන්න.
31නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරයක් සාදන්න. ඒක දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප සහිතව සෑදිය යුතුය. 32ඒක රනින් වැසුවාවූ රන් කොකු ඇත්තාවූ රිදී අඩි සතරක් පිට පිහිටුවා තිබෙන්නාවූ ෂිටිම් ලී කුළුනු සතරක් පිට එල්ලන්න. 33තිරයෙන් ශුද්ධ ස්ථානය අති ශුද්ධ ස්ථානයෙන් නුඹලාට වෙන්ව තිබෙන හැටියට තිරය කොකුවල යටින් එල්ලා එහි තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න. 34අති ශුද්ධ ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය පිට කරුණාසනය තබන්න. 35තිරයට පිටතින් මේසයද මේසය ඉදිරිපිටින් මණ්ඩපයේ දකුණු දිග පැත්තේ පහන් රුකද තබන්න. මේසයද උතුරු පැත්තේ තබන්න. 36කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න. 37කඩතුරාවට ෂිටිම් ලීවලින් කණු පහක් සාදා ඒවා රනින් වසන්න; ඒවායේ කොකුද රනින් විය යුතුය. ඒවාට පිත්තල අඩි පහක්ද වාත්තුකරන්න.
Currently Selected:
නික්මයාම 26: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: