නික්මයාම 12
12
පාස්කු මංගල්‍යය නියෝගකිරීම
1 ස්වාමීන්වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කථාකොට: 2මේ මාසය නුඹලාට මාසවල පටන්ගැන්ම වන්නේය. ඒක නුඹලාට අවුරුද්දේ පළමුවෙනි මාසය වන්නේය. 3නුඹලා ඉශ්‍රායෙල්ගේ මුළු හමුදාවට කථාකොට: මේ මාසේ දසවෙනි දිනදී ඔවුන්ගේ පියවරුන්ගේ පවුල් වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැගින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේය. 4ඉදින් බැටළු පැටවෙකු කන්ට ගෙයි වැසියෝ මදිනම් ඔහුද ඔහුගේ ගේ ළඟ සිටින ඔහුගේ අසල්වාසියාද මිනිසුන්ගේ ගණන හැටියට එකෙකු ගන්නෝය; එක එක මනුෂ්‍යයා කන ප්‍රමාණයේ හැටියට බැටළු පැටවා සම්බන්ධව ගණන්කර ගනිත්වා. 5ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන, 6එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා, 7ලෙයින් රැගෙන ඌ කන්නට යෙදෙන ගෙවල්වල උළුවහු කණු දෙකේද උඩ පඩිකඳේද ගාන්නෝය. 8ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය. 9එයින් අමුවෙන්වත් කිසිසේත් වතුරෙන් තම්බාවත් නොකා උගේ හිසද කකුල්ද අභ්‍යන්තර කොට්ඨාස සමඟ ගින්නෙන් පුළුස්සා කන්න. 10උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න. 11නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය. 12මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය. 13ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. 14මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න. 15සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය. 16පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය. 17එසේ නුඹලා මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්නහුය; මක්නිසාද ඒ දවසේදීම මම නුඹලාගේ සේනාවන් මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. එබැවින් නුඹලා මේ දවස නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් සෑම කල්හිම පවත්වන්නහුය. 18පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය. 19සත් දවසක් නුඹලාගේ ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා, දේශයෙහි උපන් කෙනෙක් වේවා, මුහුන් මුසු දේ කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් සභාවෙන් සිඳිනු ලබන්නේය. 20මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය; නුඹලාගේ සියලු වාසස්ථානවල මුහුන් නුමුසු රොටි කෑ යුතුයයි කියවයි කීසේක.
21එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න. 22හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය. 23මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක. 24මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න. 25තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ලෙස නුඹලාට දෙන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි මේ මෙහෙය පවත්වන්න. 26තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි නුඹලාගේ දරුවන් නුඹලාගෙන් අසන කල: 27ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය. 28ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
10 වෙනි පීඩාව පැමිණවීම ඉශ්‍රායෙල්වරුන්ට යන්ට ඇරීම
29තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක. 30ඵාරාවෝද ඔහුගේ සියලු මෙහෙකරුවෝද සියලු මිසරවරුද රාත්‍රියේ නැගුටුණෝය; මිසරයෙහි මහත් වැලපීමක් විය; මක්නිසාද මළ කෙනෙක් නැති ගෙයක් නොවීය. 31ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. 32නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය. 33මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය. 34එබැවින් සෙනඟ තමන්ගේ අනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම්වලින් ඔතා කරේ තබාගත්තෝය. 35ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය. 36ස්වාමීන්වහන්සේ මිසරවරුන්ගෙන් සෙනඟට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය.
ගමන පිටත්වීම
37ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය. 38ඔවුන් සමඟ මිශ්‍ර සමූහයක්ද එළු බැටළු රැළවල් හා ගව රැළවල් යන සිව්පාවුන් රාශියක්ද ගියෝය. 39ඔවුන් මිසරයෙන් පන්නාදමනු ලැබ ප්‍රමාදවෙන්ට නොහැකිව සිටි නිසාත් තමන්ට කිසි ආහාරයක් පිළියෙළකරගන නොතිබුණු නිසාත් ඔව්හු මිසරයෙන් ගෙනාවාවූ නොපිපුණු අනාපු පිටිවලින් මුහුන් නුමුසු රොටි පිළිස්සුවෝය. 40මිසරයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසූ කාලය හාරසිය තිස් අවුරුද්දක්ය. 41තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය. 42ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් එය ස්වාමීන්වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක්ය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පරම්පරාවල ඉතා සැලකිය යුතු වූ ස්වාමීන්වහන්සේගේ රාත්‍රිය මේය.
43 ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය. 44එහෙත් ඒ ඒ මනුෂ්‍යයා විසින් මිලේට ගත් මෙහෙකරුවා නුඹ විසින් චර්මඡේද්‍යය කරනු ලැබූ පසු එයින් කන්නට ඔහුට පුළුවන. 45විදේශියෙක්ද කුලී වැඩ කරන කෙනෙක්ද එයින් නොකෑ යුතුය. 46එක ගෙදරකදීම එය කෑ යුතුය; නුඹ එහි මාංසයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය; නුඹලා එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය. 47මුළු ඉශ්‍රායෙල් සභාව ඒක පවත්වනවා ඇත. 48විදේශියෙක් නුඹ සමඟ සිට ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන්ට කැමතිවීනම් ඔහුගේ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබත්වා, එවිට ඔහු ළංව ඒක පවත්වාවා; ඔහුද දේශයෙහි උපන් කෙනෙකු මෙන් වන්නේය. එහෙත් අචර්මඡේදිත කිසිවෙක් එයින් නොකන්නේය. 49දේශයෙහි උපන් තැනැත්තාටත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාටත් එක ව්‍යවස්ථාවක් වන්නේයයි කීසේක. 50සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය. 51ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.
Currently Selected:
නික්මයාම 12: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: