YouVersion Logo
Search Icon

නික්මයාම 11:4-8

නික්මයාම 11:4-8 SROV

මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි. එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය. කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය. එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක. ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 11:4-8