එස්තර් 1:1-3
එස්තර් 1:1-3 SROV
තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය. අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී, තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය.





