YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 8:7-9

ද්වීතීය කථාව 8:7-9 SROV

මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය; එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය; ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන.

Free Reading Plans and Devotionals related to ද්වීතීය කථාව 8:7-9