දානියෙල් 6:3-5
දානියෙල් 6:3-5 SROV
එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය. එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය. එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය.





