ආමොස් 7
7
පළඟැටියන්ද ගිනි සහ ලඹකැටයද ගැන දර්ශන
1ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, රජුගේ කපාගැනීමට පසුව වැවුණු තෘණවන දෙවෙනි ඒවා හටගන්ට පටන්ගන්න විට උන්වහන්සේ පළඟැටියන් හටගැන්වූසේක. 2තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි. 3ස්වාමීන්වහන්සේ ඒ ගැන තැවුණුසේක. ඒක නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය. 5එකල මම: ස්වාමිවූ දෙවියන්වහන්ස, නැවතුණ මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි. 6ස්වාමීන්වහන්සේ මේ ගැන තැවුණුසේක. මේකත් නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
7උන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ස්වාමීන්වහන්සේ ලඹයට හරිලෙස සෑදූ පවුරක් උඩ තමන් අතේ ලඹයක් ඇතුව සිටිසේක. 8ස්වාමීන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. ලඹයක්යයි මම කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ කථාකොට: බලව, මම නැවත තවත් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අච්චු නොකර නොසිට, ඔවුන් මැද ලඹයක් අල්ලන්නෙමි. 9ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.
ආමොස් සහ පූජකවූ අමශියාගේ විවාදය
10එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය. 11මක්නිසාද–යෙරොබොවම් කඩුවෙන් මැරෙන්නේය, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ රටෙන් වහල්කමට යනවාම ඇත කියා ආමොස් කීවේයයි කීය. 12තවද අමශියා ආමොස්ට කථාකොට: එම්බා දර්ශනකාරය, නුඹ යූදා දේශයට පලාගොස්, එහි කෑම කා, එහි අනාගතවාක්‍ය කියන්න. 13බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය. 14ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි. 15නුමුත් බැටළු රැළ පස්සේ යාමෙන් ස්වාමීන්වහන්සේ මා රැගෙන: නුඹ ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක. 16එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය. 17එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.
Currently Selected:
ආමොස් 7: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: