ආමොස් 3:1-8
ආමොස් 3:1-8 SROV
ඉශ්රායෙල් පුත්‍රයෙනි, නුඹලාට විරුද්ධව, එනම් මිසර දේශයෙන් මා විසින් ගෙනාවාවූ මුළු වංශයට විරුද්ධව, ස්වාමීන්වහන්සේ කීවාවූ මේ වචනය අසන්න: පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි. දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද? සිංහයෙකුට ගොදුරු නැතිවිට ඌ කැලෑවේ ගොරවනවා ඇද්ද? ගොදුරක් අල්වා නොගෙන සිටිද්දී තරුණ සිංහයා උගේ ගුහාවේ සිට නාදකරනවා ඇද්ද? මලපතක් නැති විට කුරුල්ලෙක් බිමේ උගුලකට අසුවේද? උගුලක් බිමෙන් ගැස්සුණාම යමක් අසු නොවී තිබේද? යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද? සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක. සිංහයා ගර්ජනාකෙළේය, භය නොවන්නේ කවුද? ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකළසේක, ප්‍රොපේතවාක්‍ය නොකියන්නේ කවුද?





