YouVersion Logo
Search Icon

ක්‍රියා 15:6-21

ක්‍රියා 15:6-21 SROV

ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ. බොහෝ වාද හටගත් පසු පේතෘස් නැගිට ඔවුන්ට කියනුයේ: සහෝදරයෙනි, අන්‍යජාතීන් මාගේ මුඛයෙන් ශුභාරංචිය අසා අදහන පිණිස, බොහෝ කලකට පළමුවෙන් දෙවියන්වහන්සේ නුඹලා අතරෙන් මා තෝරාගත් බව නුඹලා දන්නහුය. සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක; උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක. එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක් ගෝලයන්ගේ කරේ තැබීමෙන් නුඹලා කුමක් නිසා දෙවියන්වහන්සේව පරීක්ෂා කරවුද? එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය. එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය. ඔවුන් නිශ්ශබ්දවූ ඉක්බිති යාකොබ් උත්තරදෙමින් කියනුයේ: සහෝදරයෙනි, මට ඇහුම්කන්දෙන්න. දෙවියන්වහන්සේ තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියොන් කියාදුන්නේය. අනාගතවක්තෘවරුන්ගේ වචනය ඊට එකඟය; කෙසේදයත්: ඉතිරිවූ මනුෂ්‍යයන්ද මාගේ නාමය දරන සියලු අන්‍යජාතීන්ද විසින් ස්වාමීන්වහන්සේව සොයන පිණිස මෙයින් පසු මම හැරී ඇවිත්, දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනගා, එහි නටබුන් තැන් නැවත ගොඩනගා, ඒක පිහිටුවන්නෙමියි ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය. එබැවින් අන්‍යජාතීන් අතරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නන් චංචල නොකර, රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ. මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්නෝ සියලු නුවරවල සිටිති, ඔව්හු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවතියි කීවේය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 15:6-21