2 සාමුවෙල් 6
6
දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනඊම
1ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන තිස්දහසක් මනුෂ්‍යයන් දාවිත් නැවත රැස්කෙළේය. 2දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය. 3ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හෙලෙහි තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය. 4ඔව්හු හෙලෙහි තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන ගැළේ තබා ගෙනාවෝය. අහියෝ ගිවිසුම් පෙට්ටියට පෙරටුව ගියේය. 5දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ. 6ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය. 7එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය. 8ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා යන නම තැබුවේය, 9ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් ස්වාමීන්වහන්සේට භයව: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය. 10මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය. 11ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක. 12තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය. 13තවද ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි හයක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජාකෙළේය. 14දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. 15මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය. 16තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය. 17තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය. 18දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය. 19තවද ඔහු මුළු සෙනඟට එනම් ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබෙල්ලකුත් වියළි මුද්‍රිකඵල කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනඟ තම තමුන්ගේ ගෙවලට ගියෝය. 20දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය. 21දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි, 22මම ඊටත් වඩා නීචව මාගේම ඇස් ඉදිරිපිට පහත්වන්නෙමි. නුමුත් නුඹ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමියි කීවේය. 23එබැවින් සාවුල්ගේ දුවවූ මීඛල්ට ඈ මැරෙන දවස දක්වා දරුවෙක් නොලැබුණේය.
Currently Selected:
2 සාමුවෙල් 6: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: