YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 6:5-11

2 සාමුවෙල් 6:5-11 SROV

දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ. ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය. ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා යන නම තැබුවේය, ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් ස්වාමීන්වහන්සේට භයව: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය. මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 6:5-11