YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 4:1-3

2 සාමුවෙල් 4:1-3 SROV

අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය. සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ. බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)